Wednesday, March 10, 2010

ඔබ නැති.....


"තැලුනු සිත ලග සෙමින්,
කදුලු ඉකි බිද නිතැතින්.
කලුවරේ තනි යහන අත ගගා,
ඇස් ලබා ජීවිතය සොයනවා.
පණ ලබා සෙනෙහෙ සිත සතපන්න,
ඔබ එතැයි පෙරුම් දම් පුරනවා..."
මම ආසම කරන බොලද පොතේ කවියක් තමයි ඔය.දැනට අවුරුදු එකහමාරකට විතර කලින් තමයි මම ඒක එයාට එකක් text එකක් විදියට යැව්වේ.එයාට නම් ඒ කිසිම එකක් මතක තියෙන්නෙ නැහැ ලූ,අඩුම ගානේ මගේ birth day එක වත්...අනේ මන්දා...ඒ එයාගේ හැටි වෙන්න ඕනේ.පහුවුනු අවුරුදු තුනටම එකම දවසක්,එකම එක දවසක් birth day එකට කථා කරලා කරලා නැහැ...ඒ උනාට ඊට පහුවදා අනිවාර්යයෙන් මට txt එකක් නම් එවනවා,එදාට මගේ එක ඔයාට මතක් වෙන්න හෙතුව ඔයාට මතක් කරන්න ඔනේ නැති වෙයි කියලා හිතනවා.ඔයාව අදටත් මට තේරුම් ගන්න බැහැ,එහෙම තෙරුම් ගන්න උත්සහ කරන හැම වෙලෙම මට තෙරෙන්නේ ඔයට මාව ඕනේ නැති බවයි.ඒත් ඔයා පුන පුනා කියනවාyou are part of me and I feel myself with you.මම කොහොමද කසුන් ඔයා කියන දේ විෂ්වාස කරන්නෙ....

හමුවිම..

හ්ම්ම්...තව දවස් දෙකකින් ඔයාව හමුවෙනවා කිව්වට මට තාම ඒ හමුවීමට හිත හදා ගන්න බැරි උනා,ඔයා තවත් කෙනෙකුට අයිති කෙනෙක් ඒක ඔයා අමතක කලාට මට ඒක අමතක කරන්න අමාරුයි..ඔයා මට හැම දේම නොකියන එක වරදක් නෙමෙයි.තමන්ගේ කියලා ජීවිතේ කාටවත් නොකියන දෙයක් තියෙන්න පුලුවන්..ඒක වරදක් නෙමෙයි කසුන්.
ඔයා දන්නවද,සමහර වෙලාවට මටම පුදුමයි ඇයි මම ඔයාට තාම කසුන් කියන්නෙ කියලා,ඒක මාවම රවට්ට ගන්න,ඔය කසුන් මට විතරයි අයිති කියන එක හිතන්න.ඔයා හිතනවද මම තාම හීන මවනවා ඔයාගේ වෙන්න කියලා.මම හීන දකින එක ඇත්ත,ඒත් ලගදි දැක්ක එකම එක හීනෙක වත් ඔයා හිටියෙ නැහැ,ඔයා මගෙනුත් මගේ හීන වලිනුත් ඈත් වෙලා ඉවරයි කසුන්.අපි දෙන්නා එකතු නොවිය යුතු දෙන්නෙක්...
ඔයා දන්නවද ඔයා මාත් එක්ක කතා කරන හැම වෙලේම,මට තේරෙන්නැ වෙන්නෙ මොනාද කියලා,ඔයාට මාව ඕනේද එපාද කියලා තෙරෙන්නේ නැහැ.මේ හැම දේම ඔයාට කියන්න පුලුවන් නම්...

Sunday, March 7, 2010

කසුන්,මගේ කසුන්..


"ඔයා දන්නවද,මම ඔයාට ආදරය කලේ ඇයි කියලා?"
මම හිතන්නෙ නැහැ ඔයා එකට හේතුව දන්නවා කියලා..ඔයාට තිබුනේ හරිම ලස්සන නමක්,මම ආස කරන නමක්,කවදාවත් කොච්චර ඇහුවත් මට එපා නොවෙන නමක්.."කසුන්" රත්තරන්....මගේ ජීවිතේට නම් ඔයාට රත්තරන් කෙසේ වෙතත් තඹ කෑල්ලක දිස්නයක් ගෙන්න බැරි උනා කිව්වොත් හරි.මගේ ජිවීතේට ඔයා ආලොකයක් වෙන්න ඔයා කසුන් වෙන්න එපැයි...ඔයාගේ ඇත්ත නම වත් දැනන් හිටියෙ නැහැ කියලා කියන්නෙ හරිම ආසාවෙන්,ගොඩාක් ලොකු බොරුවක්..අවුරුදු දෙකක් තිස්සෙ.නමට ආදරය කරපු නිසා ඔයාට ලන් වුනු මට අන්තිමට මට මගේ නමත් අමතක උනා ඒ සිදුවීමෙන්,අදටත් කා ගැන වත් විෂ්වාස නොකරන්න හිතාගෙන ඉන්න මට කවුරු හරි කොල්ලෙක් හම්බ උන ගමන් ඒක අමතක වෙනවා.එක මගේ ලොකු දුර්වල කමක්.හදා ගන්න බැරි වැරදි සිද්ද වෙන්න පුලුවන් තැනක්..ඒත් හරිම සතුටින් කියන්න පුලුවන් එකම දෙයක් තියෙනවා,ඒක තමයි මගේ ජිවිතේ වුනු හොදම වැරදීම ඔයා,ඔයා නිසා මට මගේ හැගීම් පෙන්නන්න පුලුවන් උනා..අද මම අඩනවා ගොඩාක් හොදට,හැම තිස්සෙම හිනා වෙනවා,වේදනාව නැති කරගන්න.එත් හිත යටින් තනි වෙලා විදින දුක ඔයා දන්නවනම්...

"හැම හමු වීමකට,නියමිත අවසානයක් ඇතිනම්.."

මගේයි ඔහුගෙයි හැම හමුවීමක්ම කෙලවර උනේ සිත් රිදවීමකින් විතරයි,කවදාවත් එයා ඉදිරියේ මට මම ම වෙන්න බැරි වුනා,ඒකට හේතුව මට තාම හොයාගන්න පුලුවන් උනෙත් නැහැ.ඒක නිසා එයා මාව තෙරුම් ගත්ත විදිය වැරදුනා,මම හිතන්නෙ...කොහොම උනත් මට හැමදාම ඕන වුනේ එයාව සතුටින් තියන්න විතරයි,එයාට අවෂ්‍යය හැම දෙයක්ම අඩු නැතුව දෙන්න,ඒත් ඒ හැමදෙයක්ම එයාට හරිම සුලු දේවල් වෂයෙන් එයාට පෙනුනේ,ඒත් දැන් මට මගේ වටිනාකමක් මට නැති ගානයි..අහුවෙන හැම කොල්ලත් එක්කම කථා කරලා,ගැහැනු ලමයෙක්ගේ ඇති වටිනාකම නැති කර ගත්ත කිව්වොත් හරි...
එයාගෙයි මගේයි හැම හමුවීමකම මට දුන්නේ බලාපොරොත්තු,එයාගේ හැම වචනයක්ම මට දුන්නේ හීන...එයත් මට එකදු බලාපොරොත්තුවක්,හීනයක් පමනයි;ඒ බලාපොරොත්තුව කවදාවත් ඉටු නොවෙනවා වගේම ඒ හීනෙත් බිදිලා යයි ලගදීම..ඒ මම හිතන විදිය..අවුරුදු දෙකකට කලින් එයාට ආදරය කරපු ඒ බොලද කෙල්ල නම් දැන් නැහැ ඒත් එයාට,එයාටම විතරක් වෙන්වුනු ඒ බොලද ආදරය හැමදාමත් මේ පිස්සු කෙල්ල ලග තියෙවි...

ආරම්භය..


බ්ලොග් එක ලියන්න හේතුවත් එක්කම බ්ලොග් එක පටන් ගත්තා නම් හොදයි කියලා හිතුනා...අපේ ජීවිත වලදි අපිට වැරදෙන තැන් ගොඩක් තියෙනවා.කවදාවත් මේ වගෙ කතා ලියන්න හිතපු නැති මට බ්ලොග් එකක් පටන් ගන්න හේතු වුනෙත් වැරදිමක්.සුන්දර වැරදිමක්...
"ආදරය" ගැන හය හතර නොදන්න කාලේ හිතපු විදියයි දැන් හිතන විදියයි ගොඩක් වෙනස්.මිනිස්සු වෙනස් වෙනවා,ඒ මම ආදරෙන් ඉගෙන ගත්ත දෙයක්.ඒ වෙනස් වීම මෙතනට අදාල වෙන්නෙ නම් නැහැ.මුල ඉදලම මගේ ආදරය ඒක පාර්ෂවියයි.එක තාක්ෂනයේ දියුණුව නිසා ඇති වුනු ආදරයක්,එයාගේ ආදරය නොලැබුනු නිසාදො මම ඒකටත් හරියන්න එයාට ආදරය කලා.අවුරුදු දෙකකින් වගේ අපේ ආදරය ඉවර උනා,මගේ හොදම යෙහෙලිය එක්ක එයා අදටත් සතුටින් ඉන්නවා ඇති,ඒත් තවමත් එයා මාත් එක්ක කථා කරනවා,එදා වගේම කිසිම දෙයක් නොවුනු ගානට.හරිම සාමානය්‍ය විදියට..මේ බොල්ග් එකේ ලියවෙන්නෙ ඒ කාලෙ හරිම බොලද මාව නොතෙරුනු,එයාට මටත් වඩා ආදරය කරපු,එයා මට කියපු දෙවල් හා අද කාටවත් ඇත්තට ආදරය නොකරන,ඒදාට වඩා ගොඩක් වෙනස්,පිස්සු කෙල්ලෙක් කියන කාථා.